ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ(STF) ඉතිහාසය



වසර 30 පමණ පවතී යුද්ධයක් අවසන් කරන සැබෑ සාමය අපට ලබා දුන් අය අතර ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය සිටින්නේ සැබවින්ම ඉදිරියෙන්මයි. මේ එම බලකාය පිළිබද හැදින්වීමක් හා ඒ පිළිබද විස්තරයක්.



1980 දී පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා පොලිසියට අයත් වේ. මෙය ඇති කිරීමට ප්‍රධානම හේතුව වුයේ උතුරු නැගෙනහිර පවතී ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සහාය. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයන් අතර විශේෂ තැනක් ගත පොලිස් ස්ථාන විනාස කිරීම, සාමය කඩකිරීම හා රාජ්‍ය නායකයන් හා වැදගත් පුද්ගලයන් මරා දැමීම වේ. මෙම ක්‍රියාවක් වැලැක්වීම සදහා විශේෂිත කණ්ඩායමක් බිහි කෙරිණි. එනම් ඒ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය වේ.


එවකට තිබු රජයේ විශේෂ අනුමතයක් මත විශේෂ කාර්ය බලකායක් ඉතා ඉක්මනින් වුවමනා බවත් එම බලකාය පොලිසියට උදව් කරමින් රටේ ත්‍රස්තවාදය මැඩ පවත්වමින් නිතිය හා සාමය සුරැකීම උදෙෂා නිර්මාණය කිරීමට සුදානම් විය. 


මේජර් ආනන්ද වීරසේකර, මේජර් සුමිත් රොහාන් මානවඩු යන අයගේ නායකත්වය හා පොලිස් දෙපාර්තමේන්තුවේ 60 පමණ එකතු වීමෙන් මෙය ආරම්භ විය. අම්පාරේ පිහිටි කටුකුරුන්ද යුධ හමුදා පුහුණු පාසැල මගින් මෙහි මුලික පුහුණුව ලබා දුන් අතර එයට නායකත්වය දුන්නේ ඒඑස්පි බෝධි ලියනගේ විසිනි. මුල් කාලයේදී ඔවුන්ව පුහුණු කලේ 303 රයිපල් මගිනි. ඒඑස්පි බෝධි ලියනගේ තම සේවය ලබා දුන්නේ මස 9 පමණ කාලයක් වේ. ඉන් පසු එම තැනට පැමිණියේ එස්පි ධර්මසිරි වීරකෝන් වේ.  ඔහු 1983.12.01 සිට 1984.08.31 දක්වා මෙම කාර්යේ නියැළුණි.


පුහුණු කල විශේෂ කාර්ය බලකා සමජිකයින්ව මුලින්ම සේවය සදහා යැව්වේ 1983 කැරලි කෝලාහල පවතී කළු ජුලිය පාලනය කිරීම සහාය. ඔවුන්ව කන්කසන්තුරේ හා වෙල්වෙට්ටුරෙයි පොලිස් ස්ථාන කර යැවුනි.

1984.05.05 දින මෙම බලකායට විශේස කාර්ය බලයක ලෙස නම් තබුනේ ආරක්ෂක අමාත්යංශය විසින් වන අතර ඒ සදහා මැදිහත් වුයේ ඉසෙඩ්. සි.ඉ විජේසුරිය විසිනි.  පසුව මෙම සෙබළුන්ව කැරලි කෝලාහල මර්ධන සදහාද,විශේෂ අවි පුහුණු , තස්තවාදීන් සෙවීම්, පිපිරුම් ද්‍රව්‍ය පාලනය කිරීම, ප්‍රථමාධාර ලබා දීම හා  මාලිමා හා තාක්ෂණික උපාංග හැසිරවීම සදහාද පුහුණු කෙරිණි. පසුව ඇමරිකාවේ නිෂ්පාධිත එම්16 ස්වාන්ක්‍රිය අවි භාවිතයද පුහුණු කෙරිණි. 1984.09.01 ඩි යාපනයේදී ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත් භූමිවල තිබෙම ටික්කම් බෝම්බ හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යද මෙම බලකාය විසින් සිදු කෙරිණි. 2539 චන්ද්‍රපාල, පිසි 4100 ඒකනායක, 3928 නායනයක්කර හා පිසිඩි 13089 සුමනසේකර යන අය මෙම කාර්යේදී ජිවිතක්ෂයට පත්විය. මේ තමා විශේෂ කාර්ය බලකායේ හදිසි අනතුරක් සිදු වූ පළමු අවස්ථාව වේ.


මේ සියලුම ක්‍රියාන්විත විශේෂ අන්දමින් ජය ගෙන තිස් වසරක් පවතී ඒ කුරිරු යුද්ධයේ අවසන් අවස්ථාව දක්වාම තම හුස්ම පොදත් තම ලක්මවු වෙත පුද කිරීමට ශ්‍රී ලංකා විශේෂ බලකායේ රණවිරුවන් එක් විය. සැබවින්ම මොවුන් පැරද්දුවේ මිනිසුන්ව නොවේ අමානුෂික ත්‍රස්තවාදය වේ. කෙසේ වෙතත් අද ලෝකයේ ප්‍රබලම හමුදාව ලෙසත් ත්‍රස්තවාදය පරාජය එක එකම රට ලෙස අපට ගෞරවය ගෙන දුන් ඔබ අපේ සොයුරන්ම වේ. 


නොවේ කිසිදා අමතක.
ලියමි ඔබ වෙත ගරු බුහුමන්.
ඔබමයි වේ ලක්දෙරණේ දරුවන්.
ජය වේවා අප.
සොයුර සොයුරියනි.
විශේෂ බලකා.

sfsdf
Previous
Next Post »
Thanks for your comment