ඔබේ බර අඩු කරගත හැකි ක්‍රම 5ක්.




අද ලෝකයේ තියෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ තරබාරු කමයි. එක නැති කරගන්න එක එක අය එක එක ඒවා ගොඩක් කරනවා. අද කියන මේ ටික කරලා ඔයාලගේ ඇග සරලවම හා නොමිලේම අඩු කරගන්න. එවිට ඔබේ ජිවිතයද නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න වේවි.

වැඩිපුර ක්‍රියාශීලි වීම හා ව්‍යායාමවල නිරත වීම.

සාමාන්යෙන් අවශ්‍ය වන්නේ දිනකට විනාඩි 30-45 පමණ ව්‍යායාමයකි. මුලින් ඊට වඩා අඩු වෙලාවක් ව්‍යායාම කර ඉන් පසු ටිකෙන් ටික එය වර්ධන කරගන්න. හුස්ම ගැනීමේ වේගය වැඩි වන ව්‍යායාම් අගට උචිත වන අතර පිහිනීම, ඇවිදීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන් ගැසීම වැඩි දේවල් සුදුසු වේ. 



ආහාර ගැනීමේ හොද පුරුදු.

ප්‍රධාන ආහාර වෙල් 3 අනිවාර්යෙන්ම ගන්න. ප්‍රධාන ආහාර වේල්වලට තන්තු සහිත ආහාර ගැනීම උචිතයි.එළවලු, පලතුරු, මාංශභෝග (පරිප්පු, කඩල,කව්පි වැනි) හා ධනය වර්ග(බත්,කුරක්කන්) දෑ වැදගත් වේ. සොසේජස්, නුඩ්ල්ස් වැනි ආහාර හැකි තාක් අඩු කරන්න. 

මේද සහිත ආහාර අඩු කරන්න.

මේදය ග්‍රෑම් 1කින් කැලරි 9ක් ශරීරයට එක වේ.සිනි ග්‍රෑම් 1කින් කැලරි 4ක් සදේ. ශරීරයට වැඩිපුර අනවශ්‍ය කැලරි එකතු වන්නේ මේ දෙවර්ගය තුලිනි. බටර්, මාගරින් හා තෙල් අඩංගු ආහාර හා හරක් මස්, ඌරු මස් හා එළු මස් හැකි තාක් අඩු කල යුතු වේ. එමෙන්ම මේදය අඩු කිරි, මේදය අඩු යෝගට් හා මේදය අඩු බටර් කෑම ආහාරයට ගන්න.  

සිනි හා කබෝහයිඩ්රෙට් අඩු කරන්න.

සිනි දමා තේ බිම අවම කරන්න. මන්දයත් එමගින් වැඩිපුර කැලරි ප්‍රමාණයක් ඔබේ ශරීරයට එකතු වේ. එමෙන්ම අයිස්ක්‍රීම්, පුඩිම් හා කේක් ද ආහාරයට ගැනීම අඩු කරන්න. බත්, පාන්, රොටි, පිට්ටු, අප්ප, ඉදිඅප්ප වැනි පිෂ්ටය සහිත ආහාර ගැනීමද අඩු කරන්න.



ඔබගේ කටයුතු ගැන වාර්තාවක් ඔබම සකසා ගන්න.

ඔබ බර අඩු වීම පිළිබද සම්බන්ධයෙන් වාර්තාවක් පිලියල කර එය නියමිත පරිදි සලකුණු කරන්න. එවිට ඔබ බර අඩු වන විට ඔබේ සිතද ඒ සදහා සුදානම් වනු ඇත. එවිට ඔබේ ගත මෙන්ම සිතද ඔබේ නිරෝගී සෞඛ්‍යමත් දිවියත් ඇති කිරීමද මහෝපකාරී වේවි. 



Previous
Next Post »
Thanks for your comment