වර්තමානයේදී මිනිස්සු විවිධාකාර හේතුන්ට බොරු කියනවා. ඇත්ත වශයෙන්ම එක තමන්ගේ චරිතයට හානි වෙන බව ඔවුන් දන්නවා. නමුත් දැන් ඔවුන් එක පුරුද්දක් කරගෙන. මේ ලිපියෙන් කියන්නේ බොරු නොකීම නිසා ඔබට ලැඛෙන ඔබ නොසිතන වාසි ගැනයි.
සත්‍ය ඔබව නිර්භීත කරවයි.
සත්‍ය කීමට කම්මැලි නොවන්න. මන්දයත් එමගින් ඔබ තුල ඇති නිර්භිතතාවය ඉදිරියට එනවා. එමගින් ඕනෑම වැඩකට පෙරමුණට ඇවිත් වැඩ කරන්න පුළුවන් ශක්තියක් ඔබට ලැඛෙනවා.
ඔබ තුල හා අන්අය ඔබ වෙනුවෙන් ඇති විශ්වාසය ඉහල නැංවෙනවා.
සියල්ලන්ගේම විස්වාශය ගෞරවය දිනාගන්න පුළුවන් මෙමගින්. බොරු කීම නිසා ලැඛෙන විකාප අපමණයි. එය වලක්වන්න නම් ඔබ සම විටම ඇත්ත කියන්න.
ආතතිය අඩු වෙනවා.
ඇත්ත කතා කිරීම නිශා ඔබ තුල ඇති බිය ඉවත් වී ශක්තිමත්ම නැගී සිටින්න පුළුවන් හැකියාවක් ඔබ තුලින් හැදෙනවා. එමගින් ආතතිය රහිතව ජිවත් වෙන්න පුළුවන්.
බොරු නොකිමෙන් ඔබට එන්න පුළුවන් ගැටළු වලින් ඔබ නිදොස් වෙනවා.
එක බොරුවක් වහන්න තවත් බොරු ගණනාවක් කියන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. පුංචි බොරුවකින් පටන් ගෙන අවසානයේ විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වෙන බව ඔබ හොදට දන්නවා. එම නිසා බොරු නොකරන්න
සැම විට සත්‍ය පවසන්න. එවිට හොද අනාගතයක් ඔබට සැදෙයි. එමෙන්ම ඔබ වට හොද මිතුරන් පිරිසක්ද සිටිය හැකිය.ඒ මන්දයත් ඔබ ශක්තිමක් නිර්භීත අයෙක් නිසා.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon