ඔලිව් තෙල් ගැන කව්රුත් දන්නවනේ. බොහෝ විට ඔලිව් තෙල් පාවිච්චි කරන්නේ මුළුතැන්ගේ තුලදිනේ. නමුත් එකේ තියෙන ප්‍රයෝජන ගැන ඔබ නියමාකාරව දන්නවද. මේ ලිපිය ඔලිව් තෙල් ගැනයි.
ගෘහ උපකරණ ඔප දන්නා භාවිතා කල හැකිය.
ලි බඩු ඇතුළු දැවමය දේවල් පොලිෂ් කරන්න මෙය භාවිතා කරනවා. ඔලිව් තෙල් හා ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කරන පොලිෂ් කරලා බලන්න. අමුතුම අලංකාරයක් ඔබට පෙනේවි.
තීන්ත ආලේපිත තැන් පිරිසිදු කරන්න භාවිතයට කරනවා.
ඔබේ හමේ හෝ ගෘහ භාන්දහි තීන්ත තැවරුණු විට මෙය භාවිතා කර බලන්න. තීන්ත පල්ලම් පහසුවෙන් මකා දමන්න මෙයට හැකියාව තියෙනවා.
හිර වී ඇති සරනේරු ඇණ ගලවන්නද මේක උපකාරී වෙනවා.
හිරවී ඇති ඇණ ගලවන විට අමිහිරි සද්දයක් එනවා නේද. එමෙන්ම ටිකක් අමරුයිනේ ගලවන්නත්. එහෙනම් ඔලිව් තෙල් එකක් දාලා ඔබේ වැඩේ ලේසියෙන්ම කරගන්න.
ඔයාලා දාපු මේක්අප් ඉවත් කරන්නට පුළුවන්.
විවිධ විලවුන් වර්ග යොදාගෙන හැඩ වෙනවා. නමුත් ඒවා ඉවත් කරන්න යාමේදී ටිකක් අමාරුයි. නමුත් ඒ ඔලිව් තෙල් වලට භාර දෙන්න එය එක ලේසි කරයි.
කොන්ඩ සකසනයක් ලෙසද භාවිතා කරන්න පුළුවන්.
ඔලිව් තෙල්වල අඩංගු ස්වාභවික මොයිස්චරයිසින් ගතිය හා කොන්ඩ සැකසීමට ඇති හැකියාව නිසා ඔබ කැමති ලෙසට ඔබේ කොණ්ඩය හදාගන්න පුළුවන්. තෙල් හැන්දක් ගෙන ඔබේ හිස විනාඩි 20 මසාජ් කරලා බලන්න. එක ස්වභාවික ප්‍රතිකරයක්ද වෙනවා.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon