බයිසිකලය කියන්නේ ලොකු පොඩි කව්රුත් කැමති වාහනයක්. පුංචි කාලෙදිම එය බදින්න අපි ඉගෙන ගන්නවා. ගොඩක් අය එකට ආසයි. අනිවාර්යෙන් මේ ලිපියන කියවන ඔබ පුංචි කාලේදී බයිසිකලය පැදලා බිමට වැටිලා ඇති. නමුත් දැන් එවැනි තත්වයකට මුහුණ දෙන්නෑ. ඒ ඇයි කියන්න නම් පහල ලිපිය කියවන්න.
පුංචි ළමයින් සදහම වෙන් වුන අලුත්ම බයිසිකලයක් තියෙනවා. එකේ තියෙන විශේෂත්වය වන්නේ පුංචි ළමයින්ම බයිසිකලයෙන් වැටෙන් නැ. ඒ ඇයි කිවොත් එහි ඇති ඇල වීමේ තැටිය තුලින් බයිසිකලය ඇල වීමේදී එය පාලනය වී නැවත සාමාන්‍ය තත්වයකට එනවා. ඔබේ දරුවා අනිවාර්යෙන් එකම දවසකින් බයිසිකලය පදින්න ඉගෙන ගනී.
මේ බයිසිකලයේ නම වන්නේ Jyrobike කියාය. මේ බයිසිකලයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ වේගයෙන් ගියත් එහි සමබරතාවය රදවාගන්න පුළුවන් වීමයි. මේ බයිසිකලයේ ඇති ඉදිරි රෝදය තමා මේ සියල්ලක්ම කරන්නේ. අලුත්ම විදිහකට සාදන ලද මෙම බයිසිකලය නිසා ඔබටත් ඔබේ දරුවටත් සතුටින් බයිසිකල් පදින්න පුළුවන් වේවි.
ටික දවසකට් මෙය භාවිතා කරන ඔබේ ඉදිරිපස ඇති තැටිය ඉවත් කර ඔවුන්ව සැබෑ ලෙසටම පදින්න දෙන්න. මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ මෙම තැටිය ඔබට කැමති අයුරින් ඉදිරි හෝ පසු පස ලෙසට මාරු කරන්න පුළුවන්. ඔහුට හැකිවේවි නොවැටී බයිසිකලය පදින්න.ඉදිරියේ ඇති තැටියේ බර ඉදිරි පස රෝදයෙන් සියයට 60 වේ.මෙම බයිසිකලය වර්ග 2කින් සමන්විතය. එනම් අඟල් 16 බයිසිකලය ඇමරිකානු ඩොලර් 299 වන අතර අගල් 12 එක ඇමරිකානු ඩොලර් 249ක් වේ.
මෙම බයිසිකල් එක පාලනය කරන්න දුරස්ථ පාලකයකුත් ලැඛෙන අතර එමගින් දෙමාපියන්ට වේගය පාලනය කරන්න පුළුවන්. මෙම දුරස්ථ පාලකය ආරෝපණය කරන්නේ USB වයරයකිනි. මෙය එක් වර පය 3ක් ආරෝපණය කලාම ප්රමාණවත්ය. මෙම සමගම ඊලග වසරේ සිට මෙය වානිජමය මට්ටමින් සිදු කිරීමටත් මෙම ක්‍රමය වැඩිහිටි අය සදහාත් නිෂ්පාදනය කිරීමට සුදානම් වෙනවා.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon