කම්මැලිකමෙන් ඉවත් වෙන්න වැඩක් ඇතිව ජිවත් වෙන්න උපදේශ 5ක්



ඔයාලා දවස අවසානයේදී කරන්නේ මොනවද ? එක්කෝ නිකන් ඉන්න එක නැත්නම් නිදාගන්න එක වගේ දේවල්නේ. නමුත් අපිට පුළුවන් ඊට වැඩ වැදගත් අපේ සිතට ගතට සැහැල්ලුවක් ලැඛෙන දේවල් කරන්න. එමගින් මානසික හා කායික සහානයක් වගේම සිතට සතුටක් ලැඛෙනවා. මේ ලිපියෙන් කියන්නේ ද ඔබ ඔබේ දවසේ අවසාන කාලයත් ඵලදායිව ගත කරන විදිහ ගැනයි.

කිසි විටක නිදාගන්න එපා.

ඔයාල වැඩ ඇරිලා ආපු ගමන් නින්දට යන්න එපා. ටිකක් ඇග සැහැල්ලු වෙන්න ඉඩදෙන්න. නින්ද කියන්නේ හොද දෙයක් වගේම නරක දෙයකි. එක නිසා ඔබේ කම්මැලි ගතිය වැඩි වෙන්න පුළුවනි. දිනකට පය 7-8 නිදාගන්න එවිට ඔබේ මානසික මෙන්ම ශාරීරික අවයව සීයක්ම නැවත ඉතා හොද ක්‍රියාකාරී මට්ටමට පැමිණෙනවා.

හොදින් පිරිසිදු වන්න.

රාජකාරි අවසන් වී ගෙදර අපු ගමන් හොදට නාගන්න. අගට අලුත් නැවුම් ගතියක් ලැබේවි ඔබට. ඒ වගේම ඔයාලගේ කාමරේත් පිරිසිදුව තියාගන්න.

හෙට අදින්න හොද ඇදුමක් හා උදේ ආහාරයක් ගැන සුදානම් වෙන්න.

එමගින් ඔබට හෙට තියෙන රාජකාරි අඩු වේ. ඒ වගේම හිතේ සතුටින් තමන්ගේ රාජකාරි ස්ථානයට යන්නටද පුළුවන්. පෝෂදායි හොද උදේ ආහාරයක් ගැන සිතන්න.

හෙට දවස ගැන සැලසුමක් තියාගන්න.

 හෙට මම කරන්නේ මොකක්ද ? හෙට අපි චාරිකාවක් යනවද ? හෙට මට කරන්න තියෙන්නේ වැඩ මොනවද ? ගැන හිතලා යම් අදහසක් ගන්න එතකොට හෙට දවස පහසුවෙන්ම ගත කරන්න පුළුවන්.

සැහැල්ලු පහසු ව්‍යායාමයක හෝ ක්‍රීඩාවක යෙදෙන්න.

හවසට හොද සැහැල්ලු ක්‍රීඩාවක හෝ සැහැල්ලු ව්‍යායාමයක දීමෙන් ඔබේ ඇගේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවනි. ඒ වගේම අනවශ්‍ය මෙදයද ඉවත් කරගන්න පුළුවන්.

ඔයාලගේ හවස් යාමය සතුටින් පවුලත් එක්ක ගත කරන්න. ඒ මන්දයත් බොහෝ විට පවුලේ සියල්ලක්ම එකතු වී නිදහසේ ඉන්නේ හවසයි. පවුලේ බැදීම් ඉහල නංවාගන්න ඔබ ක්‍රියා කරන්න. එවිට් ඔබේ ජීවිතය ලස්සන වේවි.
Previous
Next Post »
Thanks for your comment