සෞඛ්‍යමත් ජිවිතයක් පිළිබද කාන්තාවන් විසින් දැනගත යුතු කරුණු 7.



වර්තමානයේ ජනප්‍රිය මාතෘකාවක් වන්නේ සෞඛ්‍යමත් ජීවිතය කියන දෙයි. කාන්තාවන් අතරේ මෙය බොහෝ ප්‍රචලිත වනවා සේම ඒ දේ ඔවුන්ට මහත් වැදගත් වේ. හේතුව අනවශ්‍ය බර, ලෙඩ රෝග වැනි බොහෝ දේවල් වලින් ආරක්ෂා වීමට වැදගත් වන බැවිනි. පහත ලිපියේ ඇත්තේ කාන්තාවක් විසින් අනිවාර්යෙන්ම දැනගත යුතු සෞඛ්‍යමත් ජීවිතය පිළිබද වැදගත් කරුණු කිහිපයකි.



සමබර ආහාර වේලක් මගින් ඔබේ ශක්ති සකසා ගන්න.

සෞඛ්‍යමත් ජීවිතයක වැදගත්ම දේ තමා සමබර ආහාර වෙලා. අනවශ්‍ය ආකාරයෙන් ආහාර වෙල් ගැනීමෙන් අනවශ්‍ය බර ඇති වනවා සේම විවිධ රෝගාබාධ වලටද හේතු වෙනවා. එම නිසා ඔබට ගැලපෙන සියලුම පෝෂක කොටස් අඩංගු ආහාර වේලක් දිනපතා අදාල වෙලාවට ලබාගන්න.


ජලය පානය කිරීම මගින් සෞඛ්‍යමත් හා ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන්.

කවුරුත් දාන්න විදිහට මිනිස් ශරීරයෙන් 70% ක්ම ඇත්තේ වතුරයි. අවම වශයෙන් දිනකට වතුර විදුරු 7 බිම මගින් පැහැපත් හා නිරෝගිමත් ජිවිතයක් ගත කරන්න පුළුවන් කියලයි වෛද්‍යවරුන් කියන්නේ. එම නිසා ඔබ අනිවාර්යෙන්ම ජලය පානය කල යුතුය. මන්දයත් සමහර රෝග මර්ධනය කිරීමටද ජලය උපයෝගී වනවා.


ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි.

වර්තමානයේ ඇති ප්‍රබලම ගැටළුවක් වන අධි බර නිරාකරණය කිරීමට ඇති හොදම විසදුම වන්නේ ව්‍යායාම කිරීම හා ආහාර පාලනය කිරීමයි. ව්‍යායාම් තුලින් ශරීරයේ එක එක කොටස් නිසි ක්‍රියාකාරී මට්ටමට පැමිණෙනවා සේම ඒවායේ රෝගාබාධ මැඩලිය හැකි තත්වයට පැමිණෙනවා. එමෙන්ම අපේ හදවතට හා ඇටකටු ශක්තිමත් කිරීමටද උපකාරී වෙනවා.


මානසික පීඩනය පාලනය කිරීම ඉතා වැදගත් වේ.

දැන් ඉන්න බොහෝ ඇය විවිධ මානසික පීඩන ඔස්සේ ජිවත් වෙන යයි. ගොඩක් අයට මෙම පීඩනය පාලනය කරන්න බැ. හේතුව ඔවුන් ඕනවට වඩා ඒ ගැන සිතමින් අනවශ්‍ය ලෙස තමන්ගේ සිත වෙහෙසනවා. නමුත් සිතන්න අද අප වැටුනද නමුත් හෙට වන විට ඔබ නැවත ප්‍රකෘති තත්වයට පැමිණීම අනිවාර්යයි. ඔබට විශේෂ වූ ක්‍රමයක් මගින් මානසික පීඩනය පාලනය කරගන්න උත්සහා කරන්න.


ප්‍රමාණවත් ආකාරයෙන් නිදාගැනීම අත්‍යවශ්‍යම අංගයකි.

හොද සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමට ඔබට උවමනා නම් ඉහත ඒවාට අමතරව මෙම ක්‍රියාවද කිරීම අත්‍යවයි. නින්ද යනු මිනිසාගේ ප්‍රධාන අනගයකි. එමෙන්ම නින්දේදී බොහෝ මානසිකව හා කායිකව බොහෝ ක්‍රියාවන් සිදු වෙනවා. ඒවා නියමිත කාලයන් ඔස්සේ විවිධ ශාරීරික ප්‍රතික්‍රියාවන් හා වෙනත් කරුණු සිදු වේ. අවම වශයෙන් පැය 7කැ නින්දක් ලබා ගත යුතුය.


සැමවිට නැවුම් වාතයෙන් ඔබේ හදවත පුරවාගන්න.

උදැසනම නැගිට ගස්කොලන් ඇති ප්‍රදේශයකින් ලැබෙන ඔක්ෂිජන් වායුව මගින් අපේ මුළු ශරීරයම නිරෝගී වනවා ඔබ දන්නවද. විවිධ රෝගාබාධ දුරලන්නද මේ නැවුම් වාතය උපකාරී වෙනවා.පිරිසිදු වාතය සැමවිට අයෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ ජීවිතය වැඩි කල් රැදී පවතිනවා. අපේ ගම්වල සිටින මිනිසුන් හා නගර බද මිනිසුන්ගේ ආයුකාලය බලු විට ගම්වල අයට රෝග අඩු හා ඔවුන් නගර බද අයට වඩා නිරෝගිද වේ.


අනවශ්‍ය ඇබ්බැහිවීම් වලින් මිදෙන්න.

මත්ද්‍රව්‍ය, දුම් බිම හා වෙනත් අහිතකර ඇබ්බැහිම් වලින් ඔබ නියත වශයෙන් මිදිය යුතුය. මේ වගේ අනවශ්‍ය පුරුදු වලින් ඔබ ඈත් වුවහොත් ඔබට දිගු ජිවිත ගමනක් යා හැකිය. එමෙන්ම විවිධ රෝගාබාධ වලින්ද ඔබේ ශරීරය ආරක්ෂා කරගත හැකිය.

හොද සෞඛ්‍යමත් ජිවිතයක් ගත කරන්න ඔබත් අසාවෙන් ඉන්නවා නම් ඉහත උපදේශ ගැන සැලකිල්ලෙන් ඉන්න. හැමෝටම වැදගත් ලිපියක් බැවින් කරුණාකර Share කරන්න.





Previous
Next Post »
Thanks for your comment