Drone යානයක් මගින් Pizza බෙදීම ගැන ආන්දෝලනයක්.



ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි Francesco’s Pizzeria නමැති පීට්සා සමාගමක් මගින් හඳුන්වා දී ඇති පීට්සා ඛෙදාහැ‍රීමේ ක්‍රමවේදයක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් මතුව තිබේ.

එම සමාගම සිය පීට්සා කිලෝ මීටර් 1.5ට මෙහා ඇති ඇණවුම් ස්ථාන වෙත නියමුවන් රහිත කුඩා ගුවන් යානයක ආධාරයෙන් ඛෙදාහැරීම මෙහිදී සිදු කෙරිණි.

මේ සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති හෙයින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මුම්බායි පොලීසිය තීරණය කර තිබේ.

මෙවැනි නියමුවන් රහිත යානා හරහා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පවා ඉඩ ඇතැයි පොලීසිය චෝදනා කරයි.

අදාළ සමාගම පවසන්නේ, මුම්බායි නගරයේ පවතින දැඩි රථවාහන තදබදය හේතුවෙන් නියමිත වේලාවට පීට්සා ඛෙදාහැරීම දුෂ්කර වී ඇති බව ය.

මේ හේතුවෙන් මෙම නව ක්‍රමවේදය අත්හදා බැලූ බව ඔවුහු පවසති.






Previous
Next Post »
Thanks for your comment