චිත්‍ර කලාව කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටම කලාවක්. ඒ සදහා භාවිතා කරන වර්ණ අලංකාරය තවත් එහි අලංකාරය දෙගුණ තෙගුණ කරන්න සමත්ය. මේ කියන්න යන්නේ ඒ සදහා වැදගත් පැනක් ගැනයි. මේ පැන භාවිතා කරලා මිලියන 16ක පාට අදින්න පුළුවන්. එමෙන්ම ඔයාට ඕන කරන වර්ණය ලබගන්නටද මේ පැන සමත්ය. කොලයක් හෝ ස්මාට්ෆෝන් එකක් වැනි දේවල් මත අදින්න පුළුවන්.
මේ උපකරණය නිෂ්පාදනයේදී නිෂ්පාදකයින් කියා සිටියේ 100 000 පමණ පාට රදවාගන්න හැකි වේ කියාය. නමුත් දන් එයට මිලියන 16 වර්ණ රදවාගන්න සමත්කම් දක්වා තියෙනවා.
මේක කොහොමද වැඩ කරන්නේ කියල බලමු. මේකේ තියෙනවා. පාට හදුනාගැනීමේ සංවේදකයක් හා මයික්‍රෝප්‍රොසසරයක් අඩංගුය. ඒ පාට වර්ග හදුනාගැනීමටත් ඒවා ගබඩා කරගැනීමටත්ය. මේකට අවශ්‍ය තීන්ත ඇත්තේ ඉතා කුඩා නැවත පිරවිය හැකි කටිලේජරයක් තුලය.
මෙහි මුලිකම නිර්මාතෘවරුන් වනුයේ Mark Barker and Robert Hoffman වේ. ඔවුන් කියා සිටියේ ලඔබට පුළුවන් Scan කරන්න, ඔබට පුළුවන් පාට වර්ග සමාන කරන්න හෝ සසදන්න හා කොළ වල හා ජංගම උපකරණවල අදින්නත් පුළුවන්. අපි දන්නවා මේ උපකරණයට මහජනයා ආදරේ කරයි කියලා.ල
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon