Google සමගම ගැන ලෝකේ ඉන්න හැමෝම දන්නවනේ. ඔවුන් මෑතකදී ලෝකෙටම අන්තර්ජාලය නොමිලේ ලබාදීමේ වැඩසටහනක් දියත් කළා. එමෙන්ම මේ ලදී ඔවුන් Skybox නමැති සැටලයිට් සේවා සපයන ආයතනයක් ඩොලරි මිලියන 500 කට අත්පත් කරගත්තා. ඒයට හේතුව වනුවේ නොමිලේ අන්තර්ජාලය ඛෙදා හැරීමටත්, Google සමාගමේ Google Maps හි ඉදිරි වර්ධන කටයුතු සදහා කියලයි ඔවුන් කියන්නේ. Skybox ප්‍රධාන මුලස්ථානය තියෙන්නේ කැලිෆෝර්නියාවේ Mountain View වලයි.
මුලින්ම ඔවුන් මේ ආයතනය ලබා ගැනීමේදී සිතුවේ ඔවුන්ගේ google map එක දියුණු කිරීමටය. නමුත් ඔවුන් ඒ සදහාත් නොමිලේ අන්තර්ජාලය සැපයීමටත් මෙම ආයතනය භාවිතා කරන්න තීරණය කරලා.
Google සමාගමේ තොරතුරු වලට අනුව Skybox මගින් ඔවුන්ගේ google mapsයාවත් කාලින පහසුවෙන් සිදු කිරීමට පුළුවන් කියාය.එමෙන්ම එම සමාගමේ තාක්ෂනය හා නිලදාරී කණ්ඩායම නොමිලේ අන්තර්ජාලය ඛෙදාහැරීමේ වැඩසටහනට ඛෙහෙවින් උපකාරී වෙයි කියාද ඔවුන් සිතනවා. ගුග්ල සමගම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලය පරිහරණය කරන්නයි වැඩි කිරීමටත් ඔවුන්ව දැනුමේ සමාජයකට එකතු කිරීමටත්ය.
Skybox සමගම ආරම්භ කරලා වසර 5 වෙනවා.ඒ වන විට ඔවුන් ගොඩක් දියුණු මට්ටමකට ඇවිත් තියෙනවා. මෙම සමගම තුල ඇති සැටලයිට් මගින් ගොඩක් ලොකු Zoom කිරීම හැකියාවක් තියෙනවා.
Skybox සමාගමට අනුව ඔවුන්ට සටලයිවල ඇති විද්‍යුත් පරිපත මගින් විදුලිය නිපදවීමටත්, ආකෘති පාලනයටත්, සන්නිවෙදනයටත්, තාප පරිපාලනයට හා පින්තුර මවිමටත් හැකියාවක් තියෙනවා කියලයි කියන්නේ. ඔවුගේ ඇති FPGAs තාක්ෂණික උපකරණ හා ප්‍රොසෙසර් හා මතක ධාරිතාවයන් මගින් ගුණාත්මක හා ඉහල Zoom කිරීමේ හැකියාවක් සහිත රුප රාමු ලබාදෙන පුළුවන් කියල.
ඔන්න ගුගල් සමාගමත් දැන් ඉහල අහසත් ජය ගන්නයි සුදානම. මොනවා වුනත් ලංකාවේ අපිට ගොඩක් වැදගත් වෙන්නේ නොමිලේ අන්තර්ජාලය නේද. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon