Swimming
Pool හෙවත් පිහිනුම් තටාක කියන්නේ ඉතාම විනෝදජනක ස්ථාන කියලා ඔයාලා අනිවාර්යෙන්ම
පිලිගන්නවා ඇති. ඔයාලට දන්නවද ලෝකේ ලොකුම පිහිනුම් තටාකේ තියෙන්නේ කොහෙද කියලා..
මේක තියෙන්නේ චිලි වල Algarrobo කියන නගරයේ San Alfonso del Mar කියන ස්ථානයේ. මේක
ලෝක වාර්තාවකට පවා හිමිකම් කියන පිහිනුම් තටාකයක්.
මේ
පිහිනුම් තටාකය පුරවන්න මුහුදුජලය ලීටර මිලියන 250 ක් ඕන කියලයි කියන්නේ. මේකට
මුහුදු ජලය ගන්නේ ආසන්නයෙන්ම තියෙන්නේ පැසිෆික් සාගරයෙන්. ජලය ලබන්නේ පරිගණක
පද්ධතියක් හරහා බවත් එය මගින් පෙරීමට භාජනය කරන පද්ධතියක්ද තියෙනවා කියලයි ඔවුන්
කියන්නේ. මේකේ අයිතිකාරයා වන්නේ Fernando Fischmann වන අතර මේක හදන්න පටන් අරන්
තියෙන්නේ 2006 දෙසැම්බර් මාසයේ ය. මේක හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 1.5 ත් 2 අතර
ඇස්තමේන්තුව කර ඇති අතර මේක නඩත්තුව සදහා වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 4 උවමනා
වේ.
මේ
විශාල පිහිනුම් තටාකයට කියන්නේ Big Splash බවත් මේක දිගින් මීටර 135 හා පළලින්
මීටර 90 බවත් සදහන් වෙනවා. මෙහි අයිතිකාරයා කියන්නේ මේක සිත්ගන්නා සුළු කෘතීම
පාරාදීසයක් කියලා.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon