වර්තමානයේ දියුණුවත් සමගම අතේ පළදින හා රැගෙන යා හැකි උපාංග රාශියක් බිහි විය. ඒ හැම උපාංගයකින්ම වෙන්නේ අපේ එදිදෙනා කාර්යන් වේගවත් කිරීමයි. මේ එවැනි තවත් විශේෂ වූ උපාංගයක් පිලිබදවයි.
මේක නමින් Pavlok වන අතර මේක අතේ හෝ ඇගේ පැළදිය හැකි අත්වලල්ලක් වැනි උපාංගයක් වේ. මේකෙන් වෙන කාර්ය වන්නේ ඔයාට අමතක වන කාර්යන් ඔහු විසින් මතක් කරවීමයි.
මෙහි අදහස හරිම සරලයි. මෙම උපාංගය හා එය හා සම්භන්ධ විශේෂ දුරකථන ඇප් එකක්ද ඔබට ලැබේ. එදිනෙදා ඔබ කරන වැඩ මෙය මතක තියාගෙන ඒවා ඔයාටත් මතක් කරලා දෙනවා. ඒ විතරක් නෙවේ ඔබ කරන අනවශ්‍ය වැඩ වෙනුවට වෙනත් වැදගත් වැඩද මේකට ලබා දිය හැකිය. ඔබ ලබා දෙන විස්තර අනුව මෙම අත්වලල්ල ඔබට කම්පනයක් හෝ (Vibrate), ශබ්දයක් නිකුත් කරයි. ඔබට සිදු කරන්න වෙන සැම කටයුත්තක්ම මතක් කිරීමේ කාර්ය මේ උපාංගය විසින් සිදු කරනු ලැබේ. මෙය නිෂ්පාදනය කල කණ්ඩායම කියන පරිදි ඔබ ලබා දෙන වගකීම් ඉටු කිරීමේ වර්ධන ප්‍රතිශතය 80% ඉක්මවන බවයි.
මේ උපාංගය iOS හා Android දුරකථන ඔස්සේ Bluetooth 4.0 මාර්ගය මගින් දත්ත හුවමාරු කරගැනී. මෙය ඇමරිකන් ඩොලර් 149 විකිණිය හැකි බවත් ඔවුන් පවසති. මෙය 2015 අප්‍රියෙල් මස නිකුත් කිරීමට සුදානම් වේ.
හැමෝටම වැදගත් ලිපියක් නිසා කරුණාකර Share කරන්න.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon