එහෙ මෙහෙ ගෙන යා හැකි Washing Machine එකක් සාදයි.



ලංකාවේ අපි රෙදි සොදන්නේ බොහෝ වෙලාවට අතින්. නමුත් සමහරක් කාලය ඉතිරි කරගැනීම සදහා වොසින්ග් මැසින්(Washing Machine) භාවිතා කරනවා. ඒවා මිලෙන් අධිකයි.  ඒ වගේම ඒවා තැන තැන රැගෙන යන්නද බැ. නමුත් මේ උපන්ගෙ ගැන ඔබ ඇසුවොත් පුදුමයෙන් පුදුමයට පත් වේවි. මේක භාවිතා කරන්න වුවමනා වන්නේ ගෙදර තියෙන බාස්කට් එකක් විතරයි. 

Venus – The Portable Washing Machine

සරලවම කිවොත් මෙය ඕනෑම තැනක ගෙනයා හැකි Portable Washing Machine එකක්. මෙය ඉතාම කුවා වන අතර. මේ සදහා විශාල ඉඩක් උවමනා වන්නේද නැත. 

Venus – The Portable Washing Machine2

Venus – The Portable Washing Machine4

මේ උපාංගය සම්පුර්ණයෙන්ම ගෙදර වැඩ වලට නිෂ්පාදනය කර ඇති අතර මෙය සදහා ලීටර 20 පමණ විශාල බාස්කට් එකක් තිබීම ප්‍රමාණවත් වේ. පළමුව ජලය හා රෙදි සෝදන කුඩු එකතු කරන මේ උපාංගයද එයට ඇතුල් කර ඔබ සේදිය යුතු රෙදි දමන්න. මෙය එක වරකට කිලෝග්‍රෑම් 2.5 පමණ රෙදි සෝදන්න පුළුවන් ඒ විනාඩි 5ක් පමණ සුළු වෙලවකදීය. 
මෙය සංවර්ධන වන රටවල් සදහා සුදුසු බව Piyush Agarwalla කියයි. ඒ තමා මේ උපාංගයේ නිර්මාතෘ. 

කදවුරු හා විනෝද චාරිකා යද්දී මෙය ගෙන යා හැකි අතර මෙය දැනට ප්‍රධාන විදුලින් වැඩ කරන්න සකස් කර ඇති අතර බැටරියක් ආධාරයෙන් මෙය භාවිතා කිරීම සදහා මෙය සංවර්ධනය කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ. මෙය අවම මිලක් ඇතිව නිෂ්පාදනය කර ඇති අතර එම නිසා අඩු මිලකට ලබා දිය හැකිය. මෙය ඇමරිකානු ඩොලර් 45කට පමණ අඩු මුදලකට ලබා ගත හැකිය.

sfsdf
Previous
Next Post »
Thanks for your comment