විනාඩි 2 බැටරිය 70% ආරෝපණය කල හැකි තාක්ෂණයක් පැමිණේ.



බැටරිය කියන්න අද ලෝකයේ වැදගත්ම උපාංගයක්. ස්මාර්ට් දුරකථන වේවා වෙනත් විද්‍යුත් උපකරණ සදහාද මේ බැටරිය කියන දේ වැදගත් වෙනවා. මෑතකදී බැටරිය පිළිබද වැදගත් දෙයක් සොයාගනු ලැබුවා.

This-revolutionary-battery-charges-in-2-Minutes-3

පර්යේෂකයින් පිරිසක් විසින් පර්යේෂණයක් සිදු කරමින් 0% අරෝපනයක් ඇති බැටරියක් විනාඩි 2ක් තුලදී 70% දක්වා ඉක්මනින් ආරෝපණය කිරීමට හැකි වූ බව ඔවුන් ප්‍රසාහක කරයි. මෙය අනාගතයේදී හදුන්වා දෙන්නට නිෂ්පාදකයන් සුදානමින් සිටි.  සාමාන්යෙන් බැටරියක් ආරෝපණය වන්නට බොහෝ වෙලාවක් ගන්නවා එමගින් කාලයද අපතේ යනවා. මෙම ක්‍රමය සොයාගෙන ඇත්තේ සිංගප්පුරුවේ THe Nanyang Technological  විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වේ. ඊට අමතරව බැටරියේ ආයු කාලය වසර 3 සිට වසර 20 දක්වා දීර්ඝ කරන්නටද ඔවුන් සුදානමින් සිටි.

This-revolutionary-battery-charges-in-2-Minutes-2

බොහෝ උපාංග වල ඇත්තේ ලිතියම් අයන් බැටරි විශේෂයි. මෙය භාවිතා කරන්න පටන් ගත්තේ 1990 සිටය. මෙහි ධන අග්‍රය සදා ඇත්තේ මිනිරන්වලින් වන අතර කතෝඩය සදා ඇත්තේ ලෝහ ඔක්සයිඩ වලිනි. මේ අලුත් තාක්ෂණයේදී මේ සදහා භාවිතා කරන්න නානොටියුබ් වන අතර  ටයිටේනියම් ඔක්සයිඩ් ජෙල් භාවිතා කරමින් ධන අග්‍රය සදයි.  මේවා නැනෝටියුබ තුල ඇති අතර එම නිසා වේගයෙන් ආරෝපණය වේ.

මේ බැටරියේ ආයු කාලය 10 000 පමණ වේ. ඒ කියන්නේ 10 000 වතාවක් ආරෝපණය කල හැකිය. ලිතියම්අයන් බැටරියක ඇත්තේ 500  පමණ කාලයකි. මේ බැටරියේ ඇති විශාලම වාසිය වන්නේ විනාඩි 5ක පමණ කාලයකින් බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය වී අවසන් වීමයි. ඔවුන් සදා ඇති මුලකෘතිය තවදුරත් වර්ධනය කරමින් දියුණු කරන්නට ඔවුන් සුදානමින් සිටි.  මෙය මහජනයාට ලබා දීම සිදු වන්නේ 2016 පමණ වේ.



Previous
Next Post »
Thanks for your comment